supiri

සත්‍යයේ බලය.

ඔයාගේ දැවෙන ප්‍රශ්න වලට සහනයක් නැද්ද..? ඔයාට කවුරු හරි අසාධාරණයක් කලාද? ඔබ කොපමණ සත්‍ය හා සාධාරණ කෙනෙක් උනත්  සමාජය ඉදිරියේ ඔබව බොරුකාරයෙක් , වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසුවාද..? ඔබ නිවැරදි කෙනෙකු වුවත් වැරදිකරුවකුගේ කෝණයෙන් අනිත් අය ඔබ දෙස බලනවාද...? 

සත්‍යයේ බලය............ 
සත්‍යය , එහෙමත් නැත්නම් ඇත්ත...ගැන සත්‍ය දෙයක් කියන්න තමයි මේ හදන්නේ..... ඔයාත් සත්‍යවාදී කෙනෙක්ද...? සත්‍යයට ගරු කරනවාද....? සත්‍ය ක්‍රියා සිදුකරනවාද...? සාධාරණ , අවංක කෙනෙක් ද ? එහෙනම් ඒ තුලින් ඔබගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ... සත්‍යයේ බලයෙන් අපගේ සමහර මානසික ප්‍රශ්න , කරදර නැති කරගන්න ක්‍රමයක් කියලා දෙන්නම්.............. 

 මේ දේ මම ප්‍රායෝගිකව කරන කෙනෙක්. මට කරදරයක් , අසාධාරණයක් වුණු වෙලාවට මම මේ දේ කරනවා... ප්‍රායෝගිකව ඒ ක්‍රමය සාර්ථක ක්‍රමයක්.... තමන් නිවැරදිනම් ඒක තමන් හොඳටම දන්නවා........ එහෙම නේද......... ? ඒක කාටවත් වෙනස් කරන්න බෑ......... ඔබ නිවැරදිනම් සමාජය කොපමණ ඔබව වැරදි කරු කරන්න හැදුවත් ඔබ නියම වැරදිකරු නෙවෙයි........... එහෙම නේද........... ඒක තමයි සත්‍යය............... ඒක තමයි නියම සත්‍යය ............ ඒ සත්‍යයේ බලයෙන් ඔබට යහපතක් , සාධාරණයක් අත් කරගන්න.............. හරි ලේසියි............  මාව විශ්වාස නැත්ද............? එක පාරක් කරලා බලන්නකෝ........... වෙනස ඔයාටම වැටහේවී..................... සත්‍යයේ බලයෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්............. සත්‍යයට අනිත් හැමදෙයක්ම යටයි..................... 

හොඳයි...........මුලින්ම ඔබ ඔබගේ ශාස්තෘන් වහන්සේගේ ගුණ සිහිකරන්න {කවුරු හෝ වේවා } , උන්වහන්සේගේ සත්‍යවාදී ගුණ සිහිකරන්න. {සත්‍යයට ආගම , ජාතිය , කුලය , තරාතිරම , බලය , මේ කිසිම දෙයක් අදාළ නෑ..........සත්‍යයමයි ජයගන්නේ......... } ඔබ සත්‍යවාදී කෙනෙකු නම් , ඔබට අසාධාරණයක් කලා නම් , ඔබ කල දේ සත්‍ය නම් , ඒ ගැන මුලින්ම සිහියට ගන්න... සත්‍යය ඔබ දන්නවානම් ඔබ ඒ ගැන සිහි කරන්න , සාධාරණනම් ඒ සාධාරණ හේතුව සිහි කරන්න , ඔබ නිවැරදිකරු නම් ඒ නිවැරදිකරු වීමට සත්‍යය හේතුව සිහි කරන්න...{ උදා:-රාත්‍රී කාලයේ ඔබ වාහනයක ගමන් කරමින් සිටිනවා යැයි සිතන්න....  අතරමඟදී පාර මැද මිනිසකුට පිහියකින් ඇණ මරා දමා ඇති අයුරු ඔබ දකිනවා............ ඔබ වාහනයෙන් බැස ඒ අසලට යනවා...........ඔහුට කරදයක්ද කියලා බලන්නයි ඔබ ඒ දෙසට යන්නේ.....හැකිනම් උපකාරයක් සිදු කිරීමේ අදහසින් ඒ දෙසට යන්නේ යැයි සිතන්න,.......නමුත් ඒ අවස්ථාවේදී පොලිසියෙන් ඒ ස්ථානයට  පැමිණෙනවා යැයි සිතන්න...... ඔබ පමණක් ඒ ස්ථානයේ සිටින නිසා පොළිසිය ඔබව වැරදිකරු ලෙස සිරභාරයට ගෙන ඔබට උසාවියෙන් මරණ දඬුවමද  තීන්දු කර ඔබ එල්ලුම් ගසට නියම වී සිටින කෙනෙකු යැයි සිතන්න................ } දැන් මේ අවස්ථාවේ නිවැරදිකරු ඔබයි....... නමුත් වැරදිකරුවකු ලෙස සමාජය පිළිගෙන ඇත.  මේ මොහොතේ තමන්ගේ සත්‍ය බලයෙන් ප්‍රයෝජනයක් ගන්න...... මෙහෙමයි කරන්නේ..... මේ මොහොතට අනුව මේ මරණ දඬුවමට නියම වූ පුද්ගලයාට මේ ආකාරයට සිතා සත්‍යග්‍රහයක් සිදුකළ හැකියි. සත්‍ය වශයෙන්ම මෙම ස්ථානයේ පුද්ගලයෙක් මියැදී සිටියා........ ඒක සත්‍යයක්....... , නමුත් මා මේ පුද්ගලයාව මැරුවේ නෑ ......... ඒක සත්‍යයක්, ඒ වගේම මට මේ පුද්ගලයාව මරණ අදහසක් තිබුණෙත් නෑ........... ඒකත් සත්‍යයක්............ , මම ඔහු ලඟට ගියේ ඔහුට උපකාර කරන අදහසින්.......... ඒක සත්‍යයක්............... , සමාජය ඉදිරියේ මාව බොරුවට වැරදිකරුවකු ලෙස පිළිගෙන තියෙනවා.... ඒක සත්‍යයක්............. , නමුත් මමයි නිවැරදිකරු ...... ඒක සත්‍යයක්........මේ සියලු දේවල් සත්‍යය නම් , ඒ සත්‍යය බලයෙන් මගේ නිවැරදිභාවය ඔප්පු වේවා...... මේ සත්‍යානුභාව බලයෙන් මට සහනයක් උදා වේවා..........මේ සත්‍යානුභාව බලයෙන් මට ජයම වේවා.......... මේ සත්‍යානුභාව බලයෙන් නියම වැරදිකරු ඔප්පු වේවා.......... යනුවෙන් ප්‍රාර්ථනා කරන්න....ඔබ මීට පෙර සිදුකර ඇති සත්‍ය ක්‍රියාත් මේ විදියට සිහියට ගන්න........... මේ ආකාරයට සත්‍යක්‍රියාවක් සිදුකර බලන්න............................ ඔබ සත්‍යවාදී නම් , අවංක නම්, සාධාරණ නම් ,  කාටවත් කරදරයක් නැති පුද්ගලයෙක් නම් ............. ප්‍රතිඵල අනිවාර්‍යයෙන් ලබන්න පුලුවන්................. විශ්වාසයෙන් හා අත්දැකීමෙන් ඔයාට මේ කියන්නේ............. 

ඔබ තුළ යහපත් ගතිගුණ ඇති කරගන්න.... සතුන්ට හිංසා පීඩා කරන එක නවත්වන්න..... මෛත්‍රීය , කරුණාව , ආදරය , සෙනෙහස දක්වන්න,..... බොරු කියන එක , කේලාම් කියන එක, පරුෂ වචන කියන එක  නවත්වන්න.... එක එක කාම ආශාවන් පස්සේ යන එක නවත්වන්න...... දෙමව්පියන්ට , දරුවන්ට , සහෝදරයන්ට , සහෝදරියන්ට , ස්වාමිපුරුෂයාට , භාර්‍යාවට , නෑදෑයන්ට , හිතමිතුරන්ට , අසල්වැසියන්ට , ගමේ අයට , නගරේ අයට , මේ හැමදෙනාටම ආදරය , කරුණාව , සෙනෙහස , මෛත්‍රිය දක්වන්න............ ඔවුන්ට උදව් කරන්න.... කළ ගුණ සළකන්න............ අනිත් අයගේ දේවල් සොරකම් කිරීමෙන් වළකින්න.... තමන්ට තියෙන දේවල් අනිත් අය සමඟ බෙදා හදා ගන්න....... සුරාව , සූදුව නවත්වන්න... සුරා සූදුවට ඇබ්බැහි වෙලා රටේ නැති ලෙඩවල් දාගන්නේ නැතිව , නියම මනසින් උසස් සත්වයන් ලෙස හඳුන්වන මිනිසකු වෙන්න............  100% ශුවර්.......... අනිවාර්‍යයෙන්ම සාර්ථක වෙනවාමයි......................... ඔබට සියලු රැකවරණයි...... ................... ..............


ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය.. 

ඔයාලා මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ... කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න පුලුවන්.... 



No comments:

Post a Comment